
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් ලබාදෙන කෑමවල කිසිම ගුණාත්මකභාවයක් (ප්‍රමිතියක්) නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.
මන්ත්‍රීවරුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ, පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීය.
අයකරන මුදලට සරිලන, අනුභව කළ හැකි ආහාර වේලක් ලබාදෙන ලෙසට ද මන්ත්‍රීවරුන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටි බව ද දැනගන්නට ඇත.
මෙහිදී කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් අයකරන මුදලට සරිලන හොඳ ප්‍රමිතිගත කෑම වේලක් දෙන ලෙස පාර්ලිමේන්තු භෝජනාගාර අංශයේ ප්‍රධානියාට නියෝග කර ඇත.
මේ අතර, මන්ත්‍රීවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් ආහාර ගැනීමෙන් කාලයක සිට වැළකී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ අතර, ආහාර හා පාන සඳහා පාර්ලිමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි දොළහක පමණ මුදලක් වැයකරන බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් ගණන් බලා ඇත.
මින් වැඩි මුදලක් වැය කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ සේවකයන්ට ආහාර වේල් සැපැයීම සඳහා යැයි පැවැසේ.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ විදුලිබල පරිභෝජනය වෙනුවෙන් රුපියල් කෝටි දහයක පමණ මුදලක් වාර්ෂිකව වැය කෙරේ.
ඉන් වැඩි ප්‍රමාණයක් එහි වායුසමීකරණ පද්ධතිය සඳහා වැය වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දුරකතන පහසුකම් සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් ද, පානීය ජලය සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් ද වාර්ෂිකව වැයකෙරෙන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ දත්ත පෙන්නුම් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart