
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් විය හැකි බවට මීට පෙර ඇඟවුම් කර තිබුණද, අද ඉන්දියාව බලා පිටත්ව යන 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමට වනිඳු ඇතුළත් කර නොමැත.
වනිඳු තවමත් මස්පිඩු ඉරීමකින් සුවය ලබමින් සිටින අතර, තරඟාවලියේ අවසාන අදියර සඳහා ඔහු සම්පූර්ණයෙන්ම යෝග්‍ය වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි.
වනිඳු කණ්ඩායමට ඇතුළත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇති අතර, ඔහුගේ ස්ථානයට පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත නම්කර තිබේ.
“ඔහුගේ(වනින්දුගේ) සුවය නිරීක්ෂණය කරනු ලබන අතර, ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු බව ප්‍රකාශ කළහොත්, තරඟාවලිය අතරතුර සංචිතයේ සාමාජිකයකුට ආබාධයක් ඇති වුවහොත් ඔහු වෙනුවට ආදේශකයක් ලෙස සළකනු ලැබේ,” ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart