
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය නිවේදනය කරයි.
සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත්, විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන බවත් පාලනාධිකාරිය තහවුරු කරයි.
සුරක්ෂිත ලෙස යා හැකි සිසුන්ට තම නිවෙස් වෙත යන ලෙස උපදෙස් දී ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් ආපසු නිවෙස් වෙත යෑමට නොහැකි සිසුන්ට, අදාළ නේවාසිකාගාර පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිය හැක.
අනාරක්ෂිත ප්‍රදේශවල පිහිටි පෞද්ගලික නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන් තාවකාලික නවාතැන් ඉල්ලා සිටියහොත්, නිසි ලෙස සටහන් තබා ගනිමින් ඔවුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට අනුයුක්ත කරගන්නා ලෙස පාලනාධිකාරිය උපදෙස් දී තිබේ.
මෙම කාල සීමාව තුළ කිසිදු සිසුවකු නේවාසිකාගාරවලින් ඉවත් නොකරන බවද පාලනාධිකාරිය අවධාරණය කරයි.
කාලගුණික තත්ත්වය යථා තත්ත්වයට පත්වන තෙක් අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සියලුම සිසුන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart