August 24, 2023

ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහනවලින් සියයට 90 ක් වාහන දුම් විමෝචන ප්‍රමිතීන්ට අනුගත නොවන බව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ අංශ අධීක්ෂණ කමිටුව අනාවරණය කර තිබේ.

කමිටුව මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී කමිටුව හමුවේ අනාවරණය වූයේ, වාර්ෂිකව වාහන සියයට 20ක් දුම් පරීක්ෂාවෙන් අසමත් වන අතර ධාවනය වන වාහන සියයට 90ක් මගින් පරිසරයට අහිතකර දුම් නිකුත් කෙරෙන බවය.

කමිටුව තවදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවට මගී ප්‍රවාහන බස්රථ ආනයන කිරීමේදී කමිටුව විසින් කෙටුම්පත් කරන ලද නිර්ණායකවලට අනුගතවිය යුතු බවයි.