
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හොර රහසේ රට තුළට රත්‍රන් රැගෙන ආවේ තමන් නොවන බවත්, වෙනත් පුද්ගලයකු කරන ලද වරදකට තමාට දඩ ගෙවීමට සිදුවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ප්‍රකාශ කරයි.
අද(24) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්, රත්‍රන් තොගයක් රහසිගතව මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එසේ පැවසීය.
එම සිදුවීමේදී ආණ්ඩුවෙන් තමාට සහායක් නොලැබුණු බැවින්, අද පැවැති මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත්කිරීමේ ඡන්ද විමසීමේදී, ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධව තමා ඡන්දය භාවිත කළ බවද හෙතෙම සඳහන් කළේය.
තමාව ගුවන් තොටුපොලේදී බේරාගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයාට මෙන්ම අගමැතිවරයාටද දැනුම්දුන් නමුත්, ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart