
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්‍රං ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු සභා වාරය අද සිට මාසයක කාලයකට අත්හිටුවා ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළේය.
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති චමල් රාජපක්ෂ විසින් 2024 ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්හිටුවීම සිදු කළ බව ඔහු පැවසීය.
රත්‍රං කිලෝග්‍රෑම් 3.3ක් සහ ජංගම දුකථන 74ක් සමග අලි සබ්රි රහීම් කටුනායක රේගු නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේ මැයි මාසයේ දී.
එම අවස්ථාවේ අදාළ වරදට ඔහු රුපියල් මිලියන 7.5ක දඩ මුදලක් ගෙවා නිදහස් වී තිබිණි.
පසුව ඒ සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවමගින් පරීක්ෂණයක් පවත්වා අදාළ නිර්දේශය ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart