
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විරෝධී ලෙස මෙරටට රත්‍රන් සහ ජංගම දුරකථන රගෙන ඒමේදී රේගුවට හසුව, දඩ මුදලකට යටත් කරන ලද අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධට ලිපියක් භාරදුන්හ.
අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බව මන්ත්‍රීවරු පිරිස කථානායකවරයාට ඉදිරිපත් කළ ලිපියෙන් පෙන්වාදී ඇත.
නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයාව කටුනායක ගුවන්තොටුපොළේදී පෙරේදා (23) උදෑසන රේගු භාරයට ගැනිණි.
එහිදී හෙළිවූයේ ඔහු රත්‍රන් කිලෝ 3 1/2ක් සහ ස්මාර්ට් දුරකථන 91ක් මෙරටට ගෙනැවිත් ඇති බවය.
පසුව රුපියල් මිලියන 7.5ක දඩයක් ගෙවීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart