
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානයේ විදේශ කටයුතු ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් යොමු කළ ඇරියුමකට අනුව, විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි 2023 අගෝස්තු 04 සිට 07 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරතවීමට නියමිත ය.
ඇමැතිවරයා මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි හමුවීමට නියමිත අතර, දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරාන විදේශ කටයුතු ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මැතිතුමා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.
එසේම ඇමැතිවරයා ඉරානයේ දේශපාලන හා අන්තර්ජාතික අධ්‍යයන ආයතනයේ දී දේශනයක්ද පවත්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart