
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් බෝතල් නිෂ්පාදන සමාගම් 52ක් පරීක්ෂාවට ලක්කිරීමේ දී ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 44,000කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර, එම සමාගම්වලින් රුපියල් කෝටි 04කට ආසන්න දඩයක් අයකරගනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවට වාර්තා කර ඇත.
ව්‍යාජ ස්ටිකර් ඇලවීමෙන් ඒක් මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 2900ක බදු ආදායමක් අහිමි වන බව මින් පෙර හෙළි වීමත් සමග, තවදුරටත් මෙම ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ කාර්‍යයේ නියැලුණහොත්, සුරාබදු පනතේ 27 වැනි වගන්තිය අනුව අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත් අහෝසි කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පාර්ලිමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
කාරක සභාව වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් සගවා ගෙන අලෙවිකරණ අලෙවිසැල් වැටලීම තවදුරටත් සිදු කරන අතර ම QR තාක්ෂණය පදනම් කරගත් ජංගම යෙදුමක් හරහා මත්පැන් බෝතල්වල නිරවද්‍යතාව ජනතාවට තහවුරු කරදෙන ලෙසය.
රුපියල් බිලියන 06ක හිඟ බදු මුදල් ගෙවීමේ සැලසුමට අනුව එම නිෂ්පාදනාගාර බදු මුදල් නොගෙවන්නේ නම් ඔක්තෝබර් 30 වැනිදා සිට ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට ද කාරක සභාව උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart