
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අහමදාබාද්හි එයාර් ඉන්දියා ව්‍යසනයේ දී ගුවන් යානය වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලට කඩා වැටීමට මොහොතකට පෙර ගුවන් නියමුවන් ගුවන් ගමන් පාලක වෙත ලබා දුන් අවසන් පණිවිඩය හෙළි කරන හඬ පටයක් නිකුත් වී තිබේ.
ගුවන් යානය ගුවන් ගත වූ වහාම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන් සුමිත් සභාර්වාල් අහමදාබාද් ගුවන් ගමන් පාලක වෙත ආපදා ඇමතුමක් යවා ඇත.
තත්පර පහක හඬ පටයේ, නියමුවා මෙසේ පවසනු ඇසේ – “MAYDAY… MAYDAY… MAYDAY… NO POWER… NO THRUST… GOING DOWN…”(මේඩේ … මේඩේ… මේඩේ… බලයක් නැහැ… තෙරපුමක් නැහැ… පහළට යනවා…”)
ජූනි 12 වැනි දින පස්වරු 1:30ට පමණ අහමදාබාද් ගුවන් තොටුපළෙන් ලන්ඩන් ගැට්වික් බලා පිටත් වූ AI 171 එයාර් ඉන්දියා ගුවන් යානයේ 242 දෙනෙකු සසිටියේ මගීන් 230ක්, කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයන් 10ක් සහ නියමුවන් දෙදෙනාත් වශයෙනි.
ගුවන් යානයේ සිටි ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වන එක් මගියකු පමණක් දිවි ගලවා ගත්තේය.
මියගිය අය අතර හිටපු ගුජරාට් මහ ඇමති විජේ රූපානි ද විය.
ගුවන් යානය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩා වැටීමෙන් වෛද්‍ය සිසුන් සහ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ද මිය ගොස් තිබිණි.
අනතුර සිදු වූ ස්ථානයෙන් ඝන කළු දුමාරයක් නැඟුණු අතර, මහා පරිමාණ ගලවා ගැනීමේ මෙහෙයුමක් වහාම ආරම්භ කරන ලදී.
විමර්ශකයන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කළු පෙට්ටිවලින් එකක් සොයා ගැනීමට සමත්විය.
අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳ ප්‍රධාන තොරතුරු සැපයිය හැකි දෙවන කළු පෙට්ටිය සහ ඩිජිටල් වීඩියෝ රෙකෝඩරය (DVR) ඔවුන් තවමත් සොයමින් සිටී.
අනතුරට හේතුව විමර්ශනය කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉහළ මට්ටමේ මණ්ඩලයක් පිහිටුවා ඇත.
මෙම මණ්ඩලය අනතුරට තුඩු දුන් සිදුවීම් සොයා බලා වත්මන් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) සහ ආරක්ෂක මාර්ගෝපදේශ සමාලෝචනය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart