
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය ජාතික විශ්වෂ් කුමාර් රමේෂ් තමන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම මාධ්‍ය වෙත විස්තර කර තිබේ.
ඔහු පැවසුවේ ගුවන් යානය ගොඩනැගිල්ලට කඩා වැටෙන විට තමා මිය යන්නට ඇති බව සිතූ නමුත් පසුව තමා ජීවතුන් අතර සිටින බව වටහාගෙන සුන්බුන්වලින් ඉවතට පැමිණි බවයි.
රෝහල් ඇඳ මත සිටිමින් අදහස් දැක්වූ 40 හැවිරිදි ඔහු පැවසුවේ ගුවන් ගත වූ විගස කොළ සහ සුදු ආලෝකයන් දැල්වීමට පටන් ගත් පසු යානය ‘අහසේ සිරවී’ ඇති බවක් දැනුණු බවත්,පසුව එය හදිසියේම ගොඩනැගිල්ලකට හැපී පුපුරා ගිය බවයි.
බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය පසුගිය බ්‍රහස්පතින්දා වෛද්‍ය විද්‍යාලයකට කඩා වැටුණු අතර අනතුරෙන් යානයේ සිටි පුද්ගලයන් 241 දෙනා මිය ගොස් තිබිණි.
රමේෂ් පැවසුවේ තමන් පණපිටින් එලියට පැමිණි ආකාරය තමාට විශ්වාස කළ නොහැකි බවයි.
“මොහොතකට, මමත් මැරෙන්න යනවා වගේ දැනුනා, නමුත් මම ඇස් ඇරලා වටපිට බැලුවම මම ජීවතුන් අතර සිටින බව මට වැටහුණා. දිවි ගලවා ගත් ආකාරය තවමත් මට විශ්වාස කළ නොහැකියි.” යැයි ඔහු පැවසුවේය.
“මම මාවම ගලවා ගැනීමට සමත් වුණා, මගේ කකුල ඒ විවරය හරහා තල්ලු කර බඩගාගෙන ගියා. මම කොහොමද බේරුණේ කියලා මම දන්නේ නැහැ, මගේ ඇස් ඉදිරිපිට මිනිසුන් මිය යනවා මම දැක්කා, මම සුන්බුන් අතරින් එළියට ආවා.” ඔහු පැවසීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අනතුර සිදු වූ ස්ථානයට ඊයේ ගිය අතර, ඔහු රෝහලේ දී රමේෂ්ගේ සුවදුක් ද විමසා තිබිණි.
මෙම අනතුරින් නේවාසිකාගාර ගොඩනැගිල්ලේ සිටි සිසුන් අතරින් අවම වශයෙන් වෛද්‍ය සිසුන් පස් දෙනෙකු මිය ගොස් 50ක් පමණ තුවාල ලැබූහ.
අව්සට සිටි පිරිස හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බියක් පවතී.
අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණ දිගටම කරගෙන යයි.
අධ්‍යාත්මික සුවතා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍ය යුවළක් වන ෆියොංගල් සහ ජේමි ග්‍රීන්ලෝ-මීක් මියගිය අය අතර සිටින බව කියනු ලැබේ.
අකීල් නනාබාවා, ඔහුගේ බිරිඳ හන්නා සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය සාරා වින්දිතයින් අතර සිටින බව වාර්තා වීමෙන් පසු ග්ලූස්ටර් මුස්ලිම් ප්‍රජා කණ්ඩායම “අවංක හා ගැඹුරු ශෝකය” පළ කළේය.
නෝර්තැම්ප්ටන්ෂයර් හි වෙලින්බරෝ නගරාධිපති රාජ් මිශ්රා, තම මැතිවරණ කොට්ඨාශයේ “රැක්සා මෝධා, ළදරු රුද්‍රා මෝධා සහ කේ මිස්ට්‍රි මහත්මිය” මිය ගිය බව නිවේදනය කරමින් ජනතාව එක්රැස් කරන ලෙස ඉල්ලා සිටියේය.
2009 දී ‘හඩ්සන් හි ආශ්චර්යය’ අවස්ථාවේ සිදු වූවාක් මෙන්, කුරුල්ලන් ගැටීම නිසා එන්ජින් දෙකම ක්‍රියා විරහිත වීම හෝ ගුවන් යානයේ පියාපත් ගුවන්ගත කිරීම සඳහා නිවැරදි ස්ථානයට සකසා නොතිබීම අනතුරට හේතු විය හැකි බවටගුවන් යානා විශේෂඥයන් අනුමාන කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart