
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සරුංගල් යැවීම හේතුවෙන් ගුවන් යානා මෙහෙයුම්වලට සිදුවිය හැකි අනතුරු පිළිබඳ ගුවන් හමුදාව මහජනතාවට අනතුරු අඟවා තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ගුවන් හමුදාව සරුංගල් කාලය තුළ ඇති විය හැකි අනතුරු පිළිබඳව මහජනතාවගේ අවධානය යොමුකර ඇත.
ගුවන් තොටුපොළ ධාවන පථ ආශ්රිතව සරුංගල් යැවීම ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන අතර එය ගුවන් අනතුරු සඳහා දායකවන සාධකයක් ලෙස ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇති බව ගුවන් හමුදාව පෙන්වාදෙයි.
එවැනි ක්රියාකාරකම් සෘජුවම ගුවන් යානා මෙහෙයුම්වලට බාධා එල්ල කරන අතර මගීන්ට සහ කාර්ය මණ්ඩලයට අනතුරක් වන බව ද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීන වරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වවුනියාව, වීරවිල සහ මත්තල ආශ්රිත ප්රදේශවල සරුංගල් යැවීම විශේෂයෙන් අනතුරුදායක ලෙස සලකන බව ගුවන් හමුදාව වැඩිදුරටත් පවසයි.
එබැවින් සරුංගල් යවන සමයේදී මෙම අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart