
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්දාරම් නුවර ප්‍රදේශයට හෙලිකොප්ටර් තුනකින් ගෙනෙන ලද සහනාධාර තමන්ට නොලැබුණු බවට මන්දාරම් නුවර ජනතාව කරන චෝදනාවක් සම්බන්ධයෙන් පූජ්‍ය වල්පල ගෝතම හිමියන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදි අයහපත් කාලගුණයත් සමග විපතට පත්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා ගෙනෙන ලද භාණ්ඩ අවස්ථා තුනකදී මන්දාරම්නුවර ක්‍රීඩාංගණයට ගොඩ බා ඇත.
ඒවා ජනතාව අතර බෙදා දෙනු වෙනුවට පොලිසිය විසින් රැගෙන ගිය බවට ජනතාව චෝදනා කරයි.
අවස්ථා තුනකදීම තමන්ට අදාළ සහනාධාර නොදී රැගෙන යෑම නිසා කෝපයට පත්වූ ජනතාව සිව්වැනි හෙලිකොප්ටරයෙන් රැගෙන ආ භාණ්ඩ බලහත්කාරයෙන් රැගෙන යෑමට කටයුතු කළ බව කියැවේ.
මේ සම්බන්ධයෙන් සෞඅ බැලූ පූජ්‍ය වල්පල ගෝතම හිමියන් පවසන්නේ අදාළ භාණ්ඩ ගෙනැවිත් ඇත්තේ මන්දාරම් නුවර වැසියන්ට නොව මාර්ග දුෂ්කරතා නිසා සැපයුම් මාර්ග අවහිර වී සිටින ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගම්මාන වෙත බෙදා හැරීම සඳහා බවයි.
ඒ අනුව පොලිසියේ මැදිහත්වීමෙන් එම භාණ්ඩ අදාළ සහන කඳවුරු වෙත රැගෙන ගොස් ඇති අතර ගොඩබෑමේ පහසුව ඇති මන්දාරම්නුවර ක්‍රීඩාංගණය හෙලිකොප්ටරය ගොඩබෑමට යොදාගැනීම නිසා මන්දාරම්නුවර වැසියන් ඒ සම්බන්ධයෙන් වැරදි අවබෝධයක පසුවීම ගැටලුවට හේතු වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart