
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල සන්නද්ධ කණ්ඩායම් සමග සමීප සම්බන්ධතා පවත්වමින් එම කල්ලිවලින් මාසිකව මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා ක්‍රියාකර තිබේ.
මෙම වැඩ තහනමට ලක්කිරීමට අදාළ ලිපිය ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇති බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
රත්මලාන පාතාලයේ නායකයා බව කියන කුඩු අංජු සහ ඇල්ටො ධර්මෙ නමැති පාතාල නායකයන් සමග මෙම නිලධාරියා සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇති අතර, ඒ ඔස්සේ මොහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
රත්මලාන පාතාලයේ කෙරුම්කාරයකු බව කියන මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඇල්ටෝ ධර්මෙ විසින් මෙම නිලධාරියාට ඉතාම නින්දිත ආකාරයට පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනය කරන හඬපටයක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
එම හඬපටයේ ද අවස්ථා කීපයක දීම ඇල්ටෝ ධර්මෙ පවසන්නේ පොලිස් නිලධාරියාට මුදල් ලබාදුන් ආකාරය ඒ අනුව මෙම නිලධාරියා වහාම වැඩ තහනමට ලක්කර ඔහුට එරෙහිව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
මෙම හඬපටය මීට වසර 4කට උඩදී එනම් 2020 වර්ෂයේ දී පටිගත කළ එකක් බව පැවසෙන අතර, මෙම පොලිස් නිලධාරියා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart