
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතු කරමින් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ව්‍යාපාරිකයකු වන චමින්ද්‍ර දයාන් ලේනව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.
විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ය.
මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වායි.
නීතිපති දෙපාර්තමේන්තුව ලෙස ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි වන බවයි.
මේ නිසා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතු කරන බව ඇය සඳහන් කළාය.
පෙත්සම් විභාගයට පෙර නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිසම සාකච්ඡා පවත්වා තිබූ අතර එහිදී කොමිසම පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වීම ව්‍යවස්ථාපිත බවයි.
පෙත්සම ඉදිරිපත් කළ ලෙනව තාරක කර ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය සංශෝධනය කර ඇතත් අදාළ සංශෝධනය මතභේදාත්මක බවය.
ඔහුට අනුව, අදාළ සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කර ඇති අතර එය එවක සිටි ජනාධිපතිවරයාට අදාළ කිරීමට අදහස් කරන ලද්දකි.
ඔහු තර්ක කරන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට බලපාන එවැනි සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය යටතේ මහජන ජනමත විචාරණයකට භාජනය කළ යුතු බවත් එය මෙම සිද්ධියේ දී සිදු නොවූ බවත්ය.
කෙසේවෙතත් මේ වන විට පෙත්සම සම්බන්ධයෙන් නීතිඥයන්ගේ කරුණු දැක්වීම් සිදුවෙමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart