
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ ඇප ඉල්ලීම සළකා බැලීම 2024 ජූලි 11 වැනිදා දක්වා කල්තබා තිබේ.
ඇප ඉල්ලීමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය අද දින විභාගය කල් තැබීමට පියවර ගත්තේය.
එම විරෝධතා ලිඛිතව ලබාදීමට කල් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සළකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ ඇප අයැදුම්පත විභාගයට ගැනීම කල් තැබීය.
2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart