October 9, 2026

කළුතර – නාගොඩ මාර්ගයේ පිහිටි අවන්හලක් ඉදිරිපිට අද උදෑසන වෙඩි තැබීමක් සිදුවූ බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් අවන්හලේ හිමිකරු මියගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.