
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සම්බන්ධයෙන් මතුව ඇති අපරාධමය කරුණු විමර්ශනය කර ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබාදී තිබේ.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාගවලදී හෙළි වූ අපරාධ කරුණු සහ ඇයට එරෙහිව සිදුකළ විමර්ශන පිළිබඳ සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා උපදෙස් ඉල්ලා සිටීමෙන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය උපදෙස් නිකුත් කර තිබේ.
ඇය සම්බන්ධයෙන් අපරාධ කරුණු කිහිපයක් අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට දන්වා ඇත.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර වේ.
ඩයනා ගමගේට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාක්ෂි මත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart