
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අරගලය’ සමයේ ගාලු මුවදොර ‘ගෝටා ගෝ හෝම්’ විරෝධතාකරුවන්ට 2022 මැයි මස එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි Sunday Times පුවත්පත වාර්තා කරයි.
එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ, සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
මෙම ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් රැසකට බරපතල තුවාල සිදු වූ අතර, මහින්ද රාජපක්ෂට එරෙහිව චෝදනා නැගීමට විමර්ශකයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවන බව නිගමනය කිරීම නිසා ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුනොකිරීමට තීරණය කර ඇත.
එවකට සිටි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුනොකළද, ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, තත්ත්වානුකූල සාක්ෂි සහ සිදුවීම වූ ස්ථානයේ වීඩියෝ දර්ශන පිළිබඳ විශේෂඥ විශ්ලේෂණයන් මත පදනම්ව වෙනත් සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කිරීමට නිර්දේශ කර තිබේ.
චෝදනා ලැබූවන්ගෙන් තිදෙනෙකු මේ වන විට මියගොස් ඇත. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායක වසන්තා හඳපාන්ගොඩ යන අයයි.
ඉතිරි සැකකරුවන් 31 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ එකම අධිචෝදනා පත්‍රයක් ගොනුකිරීමට නියමිතය.
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත්කිරීම සහ බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 327 ක් යටතේ ඔවුන්ට අධිචෝදනා ගොනුකරනු ඇත.
මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ, අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේනගෙන් ඉල්ලා ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
මෙසේ අධිචෝදනා ලැබීමට නියමිත සැකකරුවන් අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක අමල් පුෂ්පකුමාර ද සිල්වා, කොළඹ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ, හිටපු නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම සහ ‘අරාබි වසන්ත’ ලෙස හැඳින්වෙන අසංක නාලක විජේසිංහ යන අය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart