
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ඊයේ (12) පැවැති තරගය ලකුණු 41කින් ශ්රී ලංකාව පරාජයට පත්වුවද තරගයේ වීරයා සම්මානය සුපිරි තුන් ඉරියව් දක්ෂතා පෙන්වු දුනිල් වෙල්ලාලගේට හිමිවිය.
ඒ ඉන්දීය ඉනිමේ කඩුලු 5ක් දවාගැනිම සහ ශ්රී ලංකාව ජයග්රහණය කරා ගෙනයෑමට පිතිකරණයෙන් දැරූ උත්සාහය හේතුවෙනි.
තරගයේ 07වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ අනෙක් අන්තයේ සිටි ධනංජය ද සිල්වා සමග ලකුණු 63ක සබදතාවක් ගොඩ නැගුවේ ශ්රී ලංකාවට තරගයේ ජයග්රහණය හරවා ගනිමිනි.
කෙසේ වෙතත්, ධනංජය ලකුණු 41කට දැවියෑමත් සමග ඉන්දියාව දෙසට යළි තරගය වාසිදායක වූයේ පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉන්දිය පන්දු යවන්නන් ඉඩ ලබානොදිම හේතුවෙනි.
ඉන්දියාව පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි එක් පන්දුවකදි ලකුණු 213කට දැවීගියේ දුනිත් වෙල්ලාලගේ ගේ සහ චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හමුවේය.
එහෙත් එහි වටිනාකම තේරුම් ගෙන ශ්රී ලංකාව ජයග්රහණය කරා ගෙනයෑමට නායක දසුන් ඇතුළු පිතිකරුවන් සමත් වූයේ නැත.
දුනිත් වෙල්ලාලගේ පන්දු 46කින් නොදැවි ලකුණු 42ක් රැස්කළේය.
ශ්රී ලංකා ඉනිම පන්දුවාර 41යි පන්දු 3ක් තුලදි ලකුණු 172කට සීමාවිය.
චරිත් අසලංක ලකුණු 22යි.
ඒ අනුව ඉන්දියාව ආසියානු කුසලන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබු අතර, ශ්රී ලංකාව අවසන් තරගය සදහා සුදුසුකම් ලැබිමට නම් හෙට පකිස්ථානය සමග තරගය අනිවාර්යයෙන් ජයගත යුතුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart