
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහල් සහ වී මෝල් හිමියන් සම්බන්ධයෙන් පවතින ගැටලුවේදී රජය සිදු කළ යුතු වන්නේ මහා පරිමාණ මෝල් හිමියන් ආරක්ෂා කරනවා සේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ද සහන ලබා දී එම කර්මාන්තය සිදු කරගෙන යාමට අවස්ථාව සලසා දීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එම ක්ෂේත්රයට සම්බන්ධ තරුණ ව්‍යාපාරිකයින් 4000 ක් එක් කර ඔවුන්ට සහන ක්‍රමය යටතේ හෝ මූල්‍ය ප්‍රතිපාදන ලබා දී එම පිරිස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බවට පත් කළ හොත් වී අලෙවි මණ්ඩලයෙන් සිදු කරන කාර්යයන් එම තරුණ ව්‍යවසායකයින් හරහා සිදු කළ හැකි බව මන්ත්‍රීවරයා පැවසුවේය.
අවදානමක් ගෙන කටයුතු කර ඒ සඳහා මුහුණදීමට ඇති නොහැකියාව හේතුවෙන් රජය එවැනි වැඩපිළිවෙළකට යොමු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
කොරෝනා වසංගත සමයේ ඉන්දියාව සිදු කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක් වෙන් කර ඔවුන්ව නගා සිටුවීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart