June 27, 2026

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

වාර්තා සඳහන් කරන්නේ කලක පටන් පවතින හෘද රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා සලේව මෙලෙස හෘද රෝග ඒකකයට මාරු කර යවා ඇති බවයි.

අද (27) දිනයේදී ඔහුව මෙම ඒකකය වෙත යොමුකර ඇති අතර, මේ වන විට ඔහු විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සුරේෂ් සලේ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කළ බව ඔහුගේ නීතිඥවරයා ද තහවුරු කර තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව රැඳවුම් භාරයේ පසුවන අතරතුර සලේ ආරම්භ කළ උපවාස ව්‍යාපාරයක් හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් තිබූ අතර, ඒ හේතුවෙන් ඔහු පසුගිය දින කිහිපය පුරාම කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.