
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500 ක සූර්ය හා සුළං ව්‍යාපෘතියේ වැඩ 2025 ජනවාරි වන විට අවසන් කිරීමට ගෞතම් අදානි කැපවී සිටින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද(22) ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස ඉන්දියාවේදී හමුවූ අවස්ථාවේදී අදානි මෙම සහතිකය ලබාදුන් බව ඇමැතිවරයා පැවසීය.
මෙම සංචාරයේදී පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව සහ ත්‍රිකුණාමල බලශක්ති කේන්ද්‍රස්ථානය සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලටද එළැඹ තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ද්‍රෞපදි මුර්මු, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයෝජකයන් සමඟ පැවති සාකච්ඡාවේදී ඉන්දියාව-ශ්‍රී ලංකා විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම, හරිත හයිඩ්‍රජන්, තෙල් නළ මාර්ග සම්බන්ධතාව සහ බලශක්ති ක්ෂේත්‍ර ආයෝජන පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart