
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ(CMCC) ලේඛකාධිකාරී ලෙස මහාචාර්ය ජෙනිෆර් පෙරේරා පත්කිරීම කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ(SLMC) සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායකට චෝදනා එල්ල වෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යයන කාර්යමණ්ඩලයට විද්‍යුත් තැපෑල් පණිවිඩයක් යොමුකරමින් මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ පත්වීම අක්‍රමවත් බව පවසා ඇති අතර එහි නීත්‍යානුකූලභාවය ද ප්‍රශ්න කර ඇත.
පත්වීම් ක්‍රියාවලිය සම්මත ක්‍රියා පටිපාටියට පරිබාහිරව බවත්, එහිදී සුදුසුකම් ලත් සභාපති මහාචාර්යවරුන් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව වෙත පත්කරන අතර පසුව රෙජිස්ට්‍රාර්වරයකු සම්මුතියෙන් තෝරාගන්නා බවත් ඔහු පවසයි.
එම සභාවට සුදුසුකම් ඇති බොහෝ මහාචාර්යවරුන් පත්කර නොතිබූ බවද මහාචාර්ය වජිර දිසානායක චෝදනා කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් ඇතුළත් කිරීම පිළිබඳව ද ඔහු සිය කනස්සල්ල පළකර ඇති අතර ඉන් ඇතැමකු විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් අය විවිධ විශ්වවිද්‍යාලවල කනිෂ්ඨ විද්වතුන් බව ද මහාචාර්යවරයා පවසයි.
මීට අමතරව, ඖෂධවේදියකු නොවන, පීඨ නොවන සාමාජිකයකු කවුන්සිලයේ නම් කරන ලද ඖෂධවේදි තනතුරට පත්කිරීම සම්බන්ධයෙන් ද ඔහු සිය විරෝධය පළකර තිබේ.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් දැනුවත් මූලාශ්‍ර උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වාර්තා කර ඇත්තේ මහාචාර්ය වජිර දිසානායක මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ පත්වීම කඩාකප්පල් කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව හා සම්බන්ධ කිරීමට උත්සාහ කරන බවයි.
මහාචාර්ය වජිර දිසානායක එම සභාවේ හිටපු රෙජිස්ට්‍රාර්වරයා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart