
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුගදනවි සහ සොබදනවි බලාගාර සදහා ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයීම සහ අවශ්‍ය කරන යටිතල පහසුකම් නිර්මාණය සම්බන්ධ සාකච්ඡාවක් ඇමැති කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී අද පවත්වා තිබේ.
ද්‍රව ස්වාභාවික වායු මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ වේගවත් කිරීමේ අරමුණින් ඉන්දියානු රජය ප්‍රෙට්‍රොනෙට් LNG සමාගම හා සම්බන්ධ වෙමින් අන්තර් කාලීන යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම අන්තර්කාලීන යෝජනාව සාර්ථක කර ගැනීම සදහා වන අවශ්‍යතා ඉටුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ, පෙට්‍රොනෙට් LNG සමාගමේ නියෝජිතයන් ද සහභාගි වී තිබේ.
ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු (LNG) නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශ කළේ පසුගිය දා පැවති ඔවුන්ගේ ජනරජ දින උත්සවයේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart