
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 – අබුඩාබි T10 තරගාවලියේ ශුරතාව ජයග්රහණය කිරීමට කිරන් පොලාර්ඩ් ගේ නායකත්වයෙන් යුත් නිව්යෝර්ක් ස්ටයිකර්ස් කණ්ඩායම සමත් ව තිබේ.
ඒ, අබුඩාබි හි පැවති අවසන් මහා තරගයේදි නිකොලස් පූරාන්ගේ ඩෙකැන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමිනි.
ග්ලැඩියේටර්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහරදි පන්දුවාර 10 තුල කඩුලු 05ට ලකුණු 91ක් රැස්කළේය.
එහිදි ඇන්ඩෲ රසෙල් පන්දු 18කදි ලකුණු 30 ලබා ගත් අතර පන්දු යැවිමේදි සුනිල් නරෙන් කඩුලු 2ක් බිදහෙලීය.
පිලිතුරු ඉනිම ක්රීඩා කල නිව්යෝර්ක් ස්ටයිකර්ස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් දැවි ලකුණු 94ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.
එහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 14ක් සහ අසිෆ් අලි නොදැවි ලකුණු 48ක් ලබා ගත්හ.
නිව්යෝර්ක් ස්ටයිකර්ස් කණ්ඩායම චාමික කරුණාරත්න ද නියෝජනය කළ අතර ඩෙකැන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කල නුවන් තුෂාර අවසන් තරගයේ දී එක් කඩුල්ලක් බිද හෙලන ලදි.
තරගාවලියේ වීරයා සම්මානය අකීල් හුසෙන් ට හිමිවු අතර අවසන් තරගයේ විරයා සම්මානය අසිෆ් අලි ට හිමිවිය.
මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය නුවන් තුෂාර හිමිකර ගත්තේ ඉනිම් 08කදි කඩුලු 13ක් බිදහෙලමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart