
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් පෙර දින නිකුත් කරන ලද ප්‍රකාශයේ ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය’ලෙස හඳුන්වා තිබීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ ඇමැති අලි සබ්රි පවසයි.
“ටෘඩෝගේ ප්‍රකාශය දේශපාලනිකව අභිප්‍රේරණය වූ එකක් වන අතර කැනඩාවේ ‘ඡන්ද දේශපාලනය’ වෙත යොමු කර තිබෙනවා,” යනුවෙන් සබ්රි ප්‍රකාශ කර තිබේ.
යුද්ධය අවසන් වීමේ 15 වැනි සංවත්සරයේදී නිකුත් කරන ලද ප්‍රකාශය, කැනඩාවේ “නිරුවත් ද්විත්ව ප්‍රතිපත්තිය” හෙළිදරව් කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
කැනේඩියානු අගමැති මීට වසර 15 කට පෙර සිදු වූ දෙයක් ගැන කතා කරන අතර මේ වන විට වෙනත් තැන්වල සිදුවෙමින් පවතින දේට ආධාර සහ අනුබල දෙමින් සිටින බව ද ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තම පුරවැසියන්ගේ මානව හිමිකම් තත්ත්වය ඉදිරියට ගෙන යෑම සඳහා වන වගකීම් ඉටු කිරීමට අදිටන් කරගෙන සිටින බවත්, එම ක්ෂේත්රය තුළ රට වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු සඳහන් කර ඇත.
අගමැති ටෲඩෝ සිය ප්‍රකාශයේ 2009 මුල්ලිවයික්කාල්හිදී සිදුවූ දෙය විස්තර කර ඇත්තේ දස දහස් ගණන් දෙමළ ජනයාගේ ජීවිත අහිමි වූ “සමූල ඝාතනයක්” ලෙසය.
“අදටත් තවත් බොහෝ දෙනෙක් අතුරුදන් වී, තුවාල ලැබූ හෝ අවතැන් වී සිටිති. අද අපි මෙම අඥාන ප්රචණ්ඩත්වය නිසා ඇති වූ කල්පවතින වේදනාව සමඟ ජීවත් වන වින්දිතයන්ට, දිවි ගලවා ගත් අයට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට ගෞරව කරමු,” යනුවෙන් ඔහු පවසා ඇත.
“ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැනඩාව කිසිවිටෙකත් එහි වැඩ කටයුතු නවත්වන්නේ නැත. කැනඩා රජය වෙනුවෙන් මම කැනේඩියානුවන්ට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමෙන් විපතට පත් වූවන්ට ගෞරව කිරීම සඳහා එක්වන ලෙස. අපි එක්ව, සෑම කෙනෙකුටම වඩා හොඳ සහ වඩා සාමකාමී ලෝකයක් පෝෂණය කළ හැකි ආකාරය ගැන මෙනෙහි කරමු,” යනුවෙන් කැනේඩියානු අගමැති වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart