
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මෑතක දී විකාශය කළ වාර්තා චිත්‍රපටය පිළිබද බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සිදුකළ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කිරීමට නියමිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිත්වය, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දැරීමට බාධාවක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා ඇත.
චැනල් ෆෝ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත්කිරීමට ආණ්ඩුවේ පාර්ශ්ව යෝජනා කර ඇති අතර, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ නලින් බණ්ඩාර ජයමහ පසුගිය 12 වැනිදා යෝජනා කර ඇත්තේ, තේරීම් කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදිය යුතු බවයි.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයා පවසා ඇත්තේ, “තවම තේරීම් කාරක සභාවක් පත් කිරීමට සූදානමක් නැහැ. නමුත් තේරීම් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. තේරීම් කාරක සභාව පත්කරන්නේ කවදාද කියලා තාම තීරණය කරලා නැහැ” ලෙසිනි.
ත්‍රස්ත ප්‍රහාරයට අදාළ චෝදනා ඇතුළත් “ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය” යන මාතෘකාව යටතේ චැනල් ෆෝ නාලිකාව විසින් පසුගිය සතියේ ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් විකාශය කරන ලදී.
2019 පාස්කු ඉරිදා, ජීවිත 269ක් බිලිගත් සහ තවත් සිය ගණනකට තුවාල සිදු කළ ත්‍රස්ත ප්‍රහාරය, රාජපක්ෂලාට, විශේෂයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒම සදහා පාර කැපීමට රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වූවක් බව, ඉහළ පෙළේ මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා චිත්‍රපටය විකාශය කළේය.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරන ලද්දේ, යෝජිත තේරීම් කාරක සභාව මගින් ඒ පිළිබඳ සැක දුරුකරවනු ඇති අතර, සූම් තාක්ෂණය ඔස්සේ තේරීම් කාරක සභාවට ඕනෑම තැනක සිට ඕනෑම අයෙකුට සාක්ෂි දීමට ද හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart