
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඌව – කුඩාඔය කමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයේ පැවති නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර සිදුවූ අනතුරකින් 28 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
දියතලාව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පෞද්ගලික විදුලි සංදේශ ආයතනයක ඉංජිනේරු අංශයේ සේවකයකු බව ‘අද දෙරණ’ වාර්තා කරයි.
ජුලි 06 වැනිදා ඌව – කුඩාඔය කමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයේ පැවති නායකත්ව පුහුණු වැඩසටහනට මියගිය පුද්ගලයා ඇතුළු සමාගමේ සේවකයන් පිරිසක් සහභාගී වී ඇති බව පැවසේ.
පුහුණුව අතරතුර, කණ්ඩායම කඹයක ආධාරයෙන් ජලය තරණය කිරීම (zip lining) ඇතුළත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයකට සහභාගී වී තිබේ.
zip lining ක්‍රියාකාරකම අතරතුරදී තරුණයා කඹය කැඩී ජලයට වැටී තිබේ.
ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ තරුණයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට වැඩසටහනේ සංවිධායකයන් කටයුතු කර නොමැති බවයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් සඳහන් කරන්නේ, වැවේ මඩ සහිත කොටසකට වැටී සිටි පුද්ගලයා සොයා ගැනීමට යුද හමුදාවට විනාඩි 3-4 කට ආසන්න කාලයක් ගත වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart