
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීදූව, ලියනගේමුල්ල ප්රදේශයේ දේවස්ථානයක් අසලදී 36 හැවිරිදි කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබේ.
රාත්රී සමාජ ශාලාවක ඇති වූ ආරවුලක ප්රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට සැක පළ වී තිබේ.
පොලීසිය පැවසුවේ, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවක වන මෙම කාන්තාව අද අලුයම ඝාතනය කර තිබියදී සොයා ගත් බවයි.
මියගිය කාන්තාව මීට වසර 6කට පමණ පෙර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කිරීමට පටන් ගෙන ඇති අතර පසුව එම ප්රදේශයේම සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයකු සමඟ සීදූව ප්රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
රාත්රී සමාජ ශාලාවකදී සිදුවූ සිදුවීමක් මුල්කරගනිමින් ඇය එම පුද්ගලයා සමඟ බහින්බස්වීමක් ඇතිකරගෙන ඇති බව වාර්තා වී තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකාර පුද්ගලයා අද අලුයම 2.00ත් 3.00 ත් අතර කාලය තුළ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිටින් ගමන් කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පොලිසිය විසින් සොයාගෙන ඇත.
මීගමුව වැඩබලන මහේස්ත්රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර, ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහල වෙත යොමුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart