
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික යුද හමුදා සෙබළකුගේ නිවසක තිබී ජීව අත් බෝම්බ ඇතුළු අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ පොලිස් වසමේ අංක 395, කිඹුලාවල, ලිපිනයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි.
සැකකාර විශ්‍රාමික යුද හමුදා සෙබළා සන්තකයේ අවි ආයුධ තොගයක් ඇති බවට රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම වැටළීම සිදුකර ඇත.
එහිදී සැකකරුගේ නිවෙස සෝදිසි කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත එස්.එෆ්.ජී 87 වර්ගයේ ජීව අත්බෝම්බයක්, විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 17ක් හිස් උණ්ඩ කොපු 17ක් පුහුණු උණ්ඩ 03ක් බූට් සපත්තු හා යුද හමුදා නිල ඇඳුම් කට්ටල කිහිපයක් ද සොයාගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට පත් ජීව අත්බෝම්බ ඇතුළු භාණ්ඩ තොගය සමග සැකකාර විශ්‍රාමික යුද හමුදා සෙබළා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිඟුරක්ගොඩ පොලිසියට භාර දී ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart