May 16, 2026

හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන නැවත මාර්ගයට ඇතුළු වූ ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වෑතර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා පොළොන්නරුවේ පදිංචිකරුවකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.