May 28, 2024

පාර්ලිමේන්තුව අසල නෙළුම් මාවත පරිශ්‍රයේ අද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ, සිවිල් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය පිහිටි නෙළුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක නිරතවන අතරතුරය.

විරෝධතා පාගමන අතරතුර නෙළුම් මාවතට පිවිසෙන මාර්ගය අසලදී විරෝධතාකරුවන්ට පොලීසියෙන් බාධා කිරීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් බහින්බස්වීමක් ඇති වී තිබේ.

පැමිණ සිටි ඇතැම් විරෝධතාකරුවන් පොල්ගැසීමට සූදානම්ව සිටි බවක් ද වාර්තා වේ.

එම අවස්ථාවේ ඇමැති ප්‍රසන්න රණතුංග එම ප්‍රදේශය පසුකර යෑමට උත්සාහ කිරීමත් සමග දෙපස විරෝධතාකරුවන් ඔහුට හූ කියූ බව ද වාර්තා වේ.