
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අකුණුසැර වැදීමෙන් දස හැවිරිදි දරුවකු මියගොස් තිබෙන බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.
නවමැදගම, දියවිද්දාගම ප්රදේශයේ පදිංචි දරුවකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
සිය පියා සමග කුඹුරේ අස්වැන්න නෙළීම සඳහා දස හැවිරිදි දරුවා සහ ඔහුගේ හය හැවිරිදි බාල සොයුරා ගොස් තිබෙන අතර එම අවස්ථාවේදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් දෙදෙනා කුඹුරට යාබදව කෝන් ගසක් මත ඉදිකර තිබූ පැළක නැග සිට තිබෙන බව පොලිසිය අනාවරණය කරයි.
එම අවස්ථාවේදී පැලට වැදුණු අකුණක් හේතුවෙන් මෙම දරුවා මියගොස් ඇති අතර හය හැවිරිදි දරුවා ඇති වූ දැඩි කම්පනය නිසා ප්රතිකාර සඳහා මහියංගණය රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart