August 24, 2023

නිවසක් බිඳ රන් භාණ්ඩ සොරාගත් තාක්ෂණ නිලධාරියකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ගම්පොල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

නිවෙසක ජනේලය කඩා ඇතුළු වී එම නිවෙස් හිමි කාන්තාවගේ රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අතර විශ්‍රාමික යුද හමුදා සෙබළකුද සිටින බව අනාවරණය වේ.

මේ සම්බන්ධව විමර්ශන ගම්පොළ පොලිසිය විසින් සිදුකරන බව වාර්තා සඳහන් කරයි.