
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මතුගම, අඹරුල්ලගහවත්ත ප්රදේශයේදී පියකුට සහ පුතකුට එල්ල වූ කඩු ප්රහාරයක් හේතුවෙන් පුත්රයා මිය ගොස් තිබේ.
ඊයේ (11) රාත්රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් උත්සන්න වීමෙන් ඇති වූ ගැටුමකදී මෙම ප්රහාරය සිදුවී ඇති බව පොලිසිය පවසයි.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ පුත්රයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පුත්රයා මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයා යටදොල ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් වන අතර තුවාල ලැබූ පියා 51 හැවිරිදි අයෙකි.
මත්පැන් සාදයක් අතරතුර ආරවුල ආරම්භ වී ඇත්තේ එක් පුද්ගලයකු තම පියාගේ සහෝදරයා සමඟ ආරවුලක් ඇති කර ගැනීමෙනි.
පසුව, දෙපාර්ශ්වයම සාදයෙන් ඉවතට ගොස් තිබේ.
කෙසේවෙතත්, පෙර සිදුවීම මත පදනම්ව තවත් ආරවුලක් ගටගෙන ඇත.
ඒ අනුව, මියගිය පුද්ගලයා සහ තුවාල ලැබූ පියා ආරවුලට මැදිහත් වී ඇත.
පසුව ආරවුල ඇති කළ පුද්ගලයා ඔවුන්ට තියුණු ආයුධයකින් පහර දී තිබේ.
ප්රදේශවාසීන් විසින් දෙදෙනාව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන විටත් 23 හැවිරිදි පුතා මිය ගොස් සිට ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ.
සිද්ධියෙන් පසු සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart