
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු බලහත්කාරයෙන් රැගෙන ගිය පුද්ගලයන් තිදෙනකු ත්රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ත්රිකුණාමලය මරතඩිය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
පසුගිය ඊයේ මරතඩිය හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරු අධික ලෙස බීමත්ව ත්රීරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.
එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන්ට පහරදීමට තැත් කර පරුෂ වචනයෙන් බැණ වැදී අත්අඩංගුවේ සිටි සැකකරු රැගෙන පලාගොස් තිබෙන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart