June 16, 2026

අමෙරිකාව සහ ඉරානය අතර එළඹ තිබෙන සාම ගිවිසුම ලංකාවට වාසිදායක වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම අවස්ථාවේදී ඉන්ධන මිල සහ විදුලිබිල අඩු කිරීම සඳහා අවස්ථාවක් උදාවී ඇති බවයි.

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල වැඩිවීමේදී මෙරට තෙල් මිල සහ විදුලි බිල වහාම වැඩි කළ පරිදි ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවන අවස්ථාවේදී ඒ ආකාරයෙන්ම අඩු කිරීමේ හැකියාවට ද තිබිය යුතු බවයි.

”අපි මහ බැංකුවට කියනවා කරුණාකරලා දැන් ජනතාවට පීඩනය ඔබ පාවිච්චි කළේ යුද්ධයක් තියෙනවා, යුද්ධය තියෙන නිසා අපි වැඩි කරන්න ඕනේ උද්ධමනකාරී තත්වයක් වළක්වා ගන්න කියලා. එහෙනම් දැන් මේක නැතිවෙලා තියෙනවා. නැතිවෙන කොට වහාම පොලී අනුපාතය අඩු කරන්න ඕනේ කියන එක මම වගකීමකින් ජනතාව වෙනුවෙන් කියනවා. ආණ්ඩුවට මේ වගේ පොලී අනුපාතය අඩුවුනහම වියදම් කරන්න පුලුවන් හැකියාව ඇති වෙනවා. ඉතිං ඒක පුද්ගල රඟපෑමක් විතරක් මහ බැංකුවට ඇති කිරීමේ අවශ්‍යතාවක් නැහැ.”