March 26, 2026

ඉරාන නෞකාව සම්බන්ධ ගැටලුව පිළිබඳව සැබෑ කරුණු සොයා බලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ අදාළ ඉරාන නෞකාවේ ප්‍රශ්නය පිළිබඳ කිසිඳු පැහැදිලි බවක් නොමැති බවයි.

”ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ඉරාන නෞකා සුහද සංචාරයක් සඳහා කළ ඉල්ලීමට ශ්‍රී ලංකාව අවසර නොදුන් බවයි. නමුත් කොළඹ සිටින ඉරාන තානාපතිවරයා පවසන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරාධනාවක් ලැබුණු බවයි. මෙවැනි තත්ත්වයක් තුළ කිසිදු නිගමනයකට එළඹිය නොහැකියි. එබැවින් මම සැබෑ කරුණු සොයා බලා ඉක්මනින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා,” යැයි කරුණානායක මන්ත්‍රීවරයා ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.