August 22, 2023

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන බෝවන රෝගයක් හේතුවෙන් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

බන්ධනාගාරය තුළ පැතිර යන රෝගය බෝවන රෝගයක් වන Meningococcal රෝගය බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද තහවුරු කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ උණ සහ සමේ ආසාදන හේතුවෙන් තවත් රැඳවියන් නවදෙනකු රෝහල්ගත කර ඇති බවයි.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය 13 සහ 20 යන දෙදින තුළ රැඳවියන් දෙදෙනකු මියගොස් තිබේ.