Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිරිසිදු කිරීමේ රැකියාවක නිරත ශ්‍රී ලාංකික තරුණයකු කෝටිපතියකු බවට පත්ව සිටීමේ පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. වෙලා.
ශ්‍රී ලංකාවේ උපන් විනුල් කරුණාරත්නගේ කතාව ඕස්ට්‍රේලියානු මාධ්‍ය හඳුන්වන්නේ දිළිඳු බවේ සිට ධනවත් බවේ හිණිපෙත්තට නැගුණු අයකුගේ කතාවක් ලෙසයි.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන පරිදි 25 හැවිරිදි කරුණාරත්න අර්ධ කාලීනව කළ ඔහුගේ මෙම රැකියාව කඩිමුඩියේ පූර්ණ කාලීන රැකියාවක් බවට පත් කර ගෙන තිබේ.
“එය ශාරීරිකව වෙහෙසිය යුතු වැඩක්, නමුත් එය හොඳ මුදල් ඉපැයීමේ මාර්ගයක්. මම දිනකට ඩොලර් 1000 ත් 1400 ත් අතර මුදලක් උපයනවා” යනුවෙන් විනුල් පවසයි.
විනුල්ට අනුව තමා කරන රැකියාව අනිත් රැකියා සේම කිසිදු අඩු තත්ත්වයක රැකියාවක් නොවන අතර තමන් කිසි දිනක වෙනත් රැකියාවකට නොයන බවත් ඔහු පවසයි.
ඒ අනුව විනුල් කරුණාරත්න ඔහුගේ සිහින මෝටර් රථය සහ ශ්‍රී ලංකාවේ සිටින තම මව්පියන්ට සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා ඇත.
“ඔබ වේගවත් තරමට ඔබට කළ හැකි රැකියා අවස්ථා වැඩියි. එතකොට ඔබට වැඩි මුදලක් උපයා ගත හැකියි ,” යනුවෙන් ඔහු පවසා ඇත.
ඔන්ලයින් සහ ජංගම වෙළඳපොළක් සපයන ඕස්ට්‍රේලියානු සමාගමක් වන Airtasker හි හොඳම සේවාසපයන්නන් 10 දෙනා අතරට පැමිණීමට විනුල් සමත්ව තිබේ.
Airtasker හි ප්‍රධාන විධායක නිලධාරී Tim Fung පැවසුවේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඕනෑම කෙනෙකුට තම වේදිකාව හරහා ඉතා හොඳින් මුදල් උපයා ගත හැකි බවයි.
සෙවන් නිවුස් වාර්තා කරන පරිදි කරුණාරත්නට දැන් ඕස්ට්‍රේලියාවේ ඔහුගේම නිවසක් සඳහා මුදල් තැන්පත් කිරීමට ප්‍රමාණවත් මුදලක් තිබේ.
25 හැවිරිදි ඔහු වසර පහකදී ඩොලර් මිලියන 1.2ක් උපයා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart