
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමේ විශේෂ වැඩසටහනක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා( 02 ) පැවැත්විණි.
International Centre of Foreign Studies හෙවත් ICFS ආයතනය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා, පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිය විශ්වවිද්‍යාල ප්‍රවේශය නිල වශයෙන් ලබාගැනීමට මෙහිදී පහසුකමක් සලසා තිබීම විශේෂත්වයකි.
සාමාන්‍ය ක්‍රමවේදය තුළ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටක පිළිගත් විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීම සදහා නීත්‍යානුකූල ප්‍රවේශය ලබා ගැනීම, සති කිහිපයක් ගතවන ඉතා බැරෑරුම් කර්තව්‍යයක් වන අතර , එම සියලු නීත්‍යනුකූල අවසර ලබා දීම් පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ ලබාදීමේ විශේෂ පහසුකමක් එහිදී සළසා තිබේ.
ඒ සදහා අදාල සියලුම රටවල ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයක් නියෝජනය කරමින්, නියෝජිතයන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය වෙත පැමිණ ඇත.
බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනක් විසින් එරට ආගමන විගමන නීතී සංශෝධනය කිරීමට පසුගිය මාසයේදී ක්‍රියාකළ අතර , බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලැබීම සදහා අපේක්ෂාවෙන් සිටි මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඒ අනුව, ආගමන විගමන නීති සංශෝධනයට පෙර , බ්‍රිතාන්‍යයේ තම අධ්‍යාපන අවස්ථාව තහවුරුකර ගැනීම වෙනුවෙන් සීමීත කාලයක් හිමිව තිබූ සියලුම සිසුන්ට එදින තම සිහිනය සැබෑ කරගැනීමට පුළුල් අවස්ථාවක් උදා වී ඇත.
මේ සදහා විශාල පිරිසක් පැමිණ සිටි අතර , එහිදී ලියාපදිංචිය තහවුරු කරගත් ශිෂ්‍යයන්ට අමතරව ඒ සදහා නිෂ්චිත ප්‍රවේශයක් ලබාගත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද එළඹෙන සැප්තැම්බර් මාසයේදී තම පවුලේ සාමාජිකයන් ද සමඟ බ්‍රිතාන්‍යයට යෑමේ අවස්ථාව උදාවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart