
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම අරමුණු කරගනිමින් දෛනිකව සිදුකරන පොලිස් මෙහෙයුම්වලට සමගාමීව එම මෙහෙයුම සිදු කළ බවයි.
ඊයේ සිදු කළ මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ආරක්ෂක අංශ සාමාජිකයින් 6,644 දෙනෙකු සම්බන්ධ වී තිබේ.
එහිදී පුද්ගලයින් 27,727 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 10,900ක්ද යතුරුපැදි 8,385ක්ද මෙහෙයුමට සමගාමීව පරීක්ෂාවට ලක් කර ඇත.
එම වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 971 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකු හා වරෙන්තුකරුවන් 449 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart