
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් පවසන්නේ, අග්බෝ හස්තියාගේ වම් පාදයේ තුවාලය තවමත් සුව වී නොමැති හෙයින් එම පාදය විශේෂ පරීක්ෂණයකට ලක්කිරීමට අද දිනය තුළ කටයුතු කරන බවයි.
මෙම විශේෂ පරීක්ෂණයෙන් පසු, පාදයේ වෙඩි උණ්ඩය තිබෙන ස්ථානය නිශ්චිත ව හදුනා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවනු ඇති බව ඔහුගේ අදහසයි.
අග්බෝගේ හැසිරීම පිළිබඳ සොයාබැලීමට පශු වෛද්‍ය ප්‍රසාද් ඊයේ නිරීක්ෂණයක ද යෙදී ඇත.
මීට මාස තුනකට පෙර උගුල් තුවක්කුවකින් තුවාල ලබා සිටි අග්බෝ දිනෙන් දින දුර්වලවීම සිදුවෙමින් පවතී.
අනුරාධපුර කලාප වනජීවී නිළධාරීන් සහ පශු වෛද්‍යවරු මේ වන විටත් ඇතාට අවශ්‍ය ආහාර, ප්‍රතිකාර ලබා දෙමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart