
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කිළිනොච්චියේ වළ දැමූ බවට සැළකෙන රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස කැණීම් කළ බවට සැක කෙරෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පස් දෙනෙකු රාමනාදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී නවීන පන්නයේ ලෝහ ස්කෑනර් යන්ත්‍ර දෙකක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් ද සිය භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ ‘පොලිසියට කියන්න’ මෙහෙයුමක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර එරාවුර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ද වෙයි.
පොලිස් විශේෂ කාර්ය බළකායට (STF) ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිසිය සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියන්ගෙන් සොරකම් කරන ලද රත්‍රං ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ යට කඳවුරක සඟවා තිබූ බවත් හිටපු කොටි සාමාජිකයකු ලබාදුන් තොරතුරක් මත සැකකරුවන් රත්‍රන් කැණීමට උත්සාහ කර ඇති බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart