
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීයව නිෂ්පාදනය කරන ලද සිංහල චිත්‍රපටයක් නීතිවිරෝධී ලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙවැනි ක්‍රියාවන් බරපතල අපරාධයක් බව චිත්‍රපට නිෂ්පාදකයෝ අවධාරණය කරති.
චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහගේ චිත්‍රපටයක් ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් ජාල හරහා හුවමාරු කළ පුද්ගලයකුට එරෙහිව චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල යොමුකර ඇත.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති රසිත් ජිනසේන සඳහන් කළේ, මෙවැනි සිනමා කෘති සොරකම් කිරීම කුඩා ප්‍රමාණයේ නීති උල්ලංඝනය කිරීමක් නොව බරපතල අපරාධයක් බවයි.
තදින්ම නීතිය ක්‍රියාත්මක කළහොත් සිදු වූ මූල්‍යමය පාඩුව අදාළ වරදකරුගෙන් අයකර ගැනීමට පවා හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරු කෝරළවැල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවකු බවයි.
කෙසේවෙතත්, දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය එකඟතාව මත අදාළ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කර සිද්ධිය සමථයකට පත්කර ගැනීමට කටයුතු කර ඇත.
මෙවැනි සිනමා කෘති සොරකම් කිරීම් වැළැක්වීම සඳහාත්, ඊට එරෙහිව පවතින නීති රීති තවදුරටත් ශක්තිමත් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහාත් තම සංගමය ඉදිරියටත් කැපවී කටයුතු කරන බව චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart