
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්ට ඉරිදා (17) ත්‍රිකුණාමලයේදී පහරදුන් අපරාධකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
සුමන්තිරන් මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, පොලිස් නිලධාරීන් ඉදිරියේ සිදුවූ පහරදීම හෙළාදැක තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් හුවමාරු වූ වීඩියෝ දර්ශනවලින් සැකකරුවන් හඳුනාගත හැකි බව පවසමින්, ඔහු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.
සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි යන අයගෙන්ද ද ඉල්ලා ඇත්තේ, “දැන් ඔබේ # සංහිඳියා ප්‍රකාශයන් ක්‍රියාත්මක කරන්න” යනුවෙනි.
අදාළ ප්‍රහාරය තහවුරු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් විසින්ම ‘ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
තිලීපන් අනුස්මරණ වැඩසටහනකට සහභාගි වීම හේතුවෙන් මෙම පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්ට පහර දී ඇති බව වාර්තා වේ.
We strongly condemn this brazen assault on @skajendren, an #MP in the presence of the #Police. The assailants can easily be identified. #IGP must immediately take action. @TiranAlles @RW_UNP @alisabrypc now put your #reconciliation rhetoric into action! https://t.co/HXe52TRJDE
— M A Sumanthiran (@MASumanthiran) September 17, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart