March 13, 2026

චාවකච්චේරි හි හිටපු දිස්ත්‍රික් විනිසුරු එස්. සතීස්තරන් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පත්වීමේ ලිපිය අද (13) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විනිසුරු එස්. සතීස්තරන්ට භාරදී ඇත.

අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන විනිසුරු සතීස්තරන් මීට පෙර චාවකච්චේරි දිස්ත්‍රික් විනිසුරුවරයා ලෙස සේවය කළේය.