
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේදී බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ඊයේ (11) විදුහල්පතිවරයකු මිය ගොස් ඇත.
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් (අවු. 52) එම අනතුරින් මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරයි.
පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීමට ප්‍රථම එදින පාසලේ ශ්‍රමදානයක් පවත්වා ඇති අතර, විදුහල්පතිවරයා ඔහු පදිංචිව සිටි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටී තිබේ.
අනතුර සිදුවීමෙන් පසු, දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇත.
දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියකු සිදුවීම දැක ඒ පිළිබඳව නානුඔය දුම්රිය ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව, නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.
සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කරගන්නා තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පැය 2 ½ ක් නතර කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart