July 2, 2026

නඩුවක සාක්ෂි සඳහා වූ සිතාසි බාරගෙන තිබියදී එය වසන් කළ පොලිස් නිලධාරියකු උසාවි සිර මැදිරියේ රඳවා තැබීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ නියෝග කළේය.

මෙම නියෝගයත් සමඟ අදාළ පොලිස් නිලධාරියාට තම නිල ඇඳුම පිටින්ම පැය දෙකක කාලයක් සිරමැදිරිය තුළ රැඳී සිටීමට සිදුව ඇත.

ඉන් අනතුරුව, එම නිලධාරියාට නිසි ලෙස අවවාද කිරීමෙන් පසු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබේ.